පීඩ්රෝ තේ කම්හල | නුවරඑලිය




සුන්දර නුවරඑලියේ චාරිකා

පීඩ්රෝ තේ කම්හල | නුවරඑලිය

මාවතේ පියසටහන් ඔස්සේ මෙවර අප පීඩ්රෝ තේ කර්මාන්තශාලාව වෙත ඔබව රැගෙන යන්නෙමු. සුන්දර නුවර එලියේ සිට 3.5km ක් පමණ එපිටින් බොරලන්ද නගර මධ්‍යයේම පිහිටා ඇති ලවර්(ස්) ලීප් (Lovers Leap) තේ වතු යාය මැදින් මෙම සුන්දර කම්හල වෙත ලඟාවිය හැක




ඔබ Lovers Leap දිය ඇල්ල නැරඹීමට යාමට බලාපොරොත්තු වන්නෙක් නම් පහසුවෙන්ම සහ නොවැරදීම මෙම සුන්දර තේ කම්හලට ගොඩ වැදීමට අමතක නොකල යුතුමය


සම්ප්‍රදායානුකූලව නෙළා ගන්නා තේ දල්ලේ සිට ඔබ අතට පත්වන තේ පැකට්ටුව දක්වාම අදියරෙන් අදියර තේ සැකසුම් ක්‍රියාවලිය පැහැදිලිව දැන දැකගැනීමට, ටිකට් පතක් මිලදී ගැනීමෙන් පසුව ඔබට හැකිවනු ඇත. කලු තේ (Black Tea) පමනක්ම නිපදවන නිසාවෙන් මෙම කර්මාන්තශාලාව රාත්‍රියේදී පමනක් ක්‍රියාත්මක වේ. එමනිසා දිවාකල යන ඔබ සඳහාම කොල පැහැතී ඒප්‍රනයකින් සැරසී කර්මාන්තශාලාව තුලටම ගමන් කර ඔබ කිසිදා අත් නොවිඳි ආකාරයේ අත්දැකීමක් ලබාගනිමින් ඔබටත් එහි කොටස්කරුවකු සේ සුන්දර කාලයක් ගත කිරීමටත් අවසානයේ ඉතා රසවත් නැවුම් තේ සංග්‍රහයක හිමිකරුවකු වීමටත් අවස්තාව ලැබෙනු ඇත




ඔබ කිසිදා දැන නොසිටි ඔබට කිසිදා දැනගත නොහැකි තේ පැකට්ටුවක සැඟවුනු රහස් දැනගැනීමටත් සුන්දර තේ වතු යායක අසිරිය විඳිමින් සිසිල් සුලං රැල් මැද එලිමහනේ උණුසුම් තේ කෝප්පයක රස විඳීමටත් ඔබත් ප්‍රිය කරන්නෙක් නම් පීඩ්රෝ තේ කර්මාන්තශාලාව සඳහා සුදුසුම ස්ථානය වනු ඇත.

Comments