Skip to main content

Posts

Featured

මිරිස්ස වෙරළ තීරය | මාතර

මාතර පුරවරයේ චාරිකා මිරිස්ස වෙරළ තීරය | මාතර ශ්‍රි ලංකාවේ සුන්දර භූමි භාගයන් සොයා යන අප මාවතේ පියසටහන් ඔස්සේ මෙවර මිරිස්ස වෙරළ තීරය වෙත ඔබව රැගෙන යන්නෙමු.  ගාල්ලේ සිට මාතර දෙසට යන ගමනේ කිලෝමීටර 35ක පමණ දුරක් ගමන් කර මිරිස්ස නගරය වෙත ඔබට සේන්දු විය හැක. මාතර - කොළඹ ප්‍රධාන මාර්ග සීමාවේ පිහිටා ඇති මෙම වෙරළ තීරය අවුරුද්ද මුළුල්ලේ ම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉතා ඉහලින්ම දිනා ගත් ලංකාවේ වූ වෙරල තීරයන් අතරින් එකකි.  ඔබ නිල් දිය ඔස්සේ ඒ මේ අත පිහිනා යන තල්මසුන් නැරඹිමට ප්‍රිය කරන අයෙක් නම් මිරිස්ස හැර වෙන කිසිදු වෙරළ තීරයක් නොමැත. සෑම දිනකම උදෑසන 7 ට පමණ ගමන් ආරම්භ කර හෝරා 3 - 5 ක් පුරාවට තල්මසුන් ගේ සුන්දරත්වය විඳින්නට අවස්ථාව ලබා දීම සඳහාම බෝට්ටු සේවා ක්‍රියාත්මක වේ. මිරිස්ස වෙරළ තීරයට ආසන්නයෙන්ම පිහිටා ඇති සුන්දර දූපතක් ද වෙයි. මුහුදු ජල මට්ටම අඩු දින වලදී මුහුද හරහා ගමන් කර මෙම දූපතට ගොඩ විය හැක. මෙම සුන්දර දූපත නිසාවෙන්ම මිරිස්ස වෙත පැමිණෙන සංචාරකයන්ගේ සිත් බැද තබා ගැනීමට මෙම වෙරළ තීරය සමත් ව ඇත.  මිරිස්ස වෙරළ තීරයට නුදුරින් පිහිටි මිරිස්ස ධීවර වරායටද ඔබ න

Latest Posts

නිදහස් චතුරස්‍ර පරිශ්‍රය | කොලඹ

වික්ටෝරියා උද්‍යානය | නුවර එලිය

පීඩ්රෝ තේ කම්හල | නුවරඑලිය

රූමස්සල වෙරල තීරය (Jungle Beach) | ගාල්ල

අඹේවෙල කිරි ගොවිපල | නුවර එලිය

නානුඔය ඇල්ල | නුවර එලිය